Wednesday, December 26, 2012

පිනට ගමන්




මම ඔෆිස් යන්නෙ ට්‍රේන් එකේ. ගෙදර ඉඳන් ස්ටේෂන් එකට කිලෝ මීටර් 5 ක් විතර තියෙන නිසා මම ඒටික එන්නේ බයික් එකේ. ස්ටේෂන් එක ලඟ තියෙන ගෙදරක බයික් එක දානවා. මාසෙකට රුපියල් තුන්සීයයි.ඒ ගාන දීලා එතැන බයික් එක දාන එක සියට දෙසීයක් වාසියි මොකද අර දුර  බස් එකේ එන්න ගියානම් කන්න වෙන කට්ට ගැන හිතනකොට. ඔය ටික දුර එන්න මට වැඩිම උනොත් විනාඩි දහයක් යයි.. බස් එකක ආවනම් අඩුගානේ පැය බාගයක් වත් යනවා. අපේ පැත්තේ ඉඳන් කොලඹට, ගම්පහට වැඩට යන අය ගොඩ දෙනෙක් ස්ටේෂන් එකට එන්නෙ  ඔය ක්‍රමයට තමයි. මම බයික් එකෙන් ඔය විදිහට ස්ටේෂන් එකට යන්න පටන් ගත්තු මුල් දවස් වල ඉඳලම අතරමගදි කවුරුහරි ඒ පැත්තට යන කෙනෙක් අත ඇල්ලුවොත් දාගෙන යන්න පුරුදු වෙලා හිටියා. ගොඩක් වෙලාවට බස් එක වැරදුනු ඉස්කෝලෙ යන ලමයි මම ඩ්‍රොප් කරනවා. ටික දවසක් ඔය විදිහට ගතවුනා. දවසක් ඔෆිස් යන මනුස්සයෙක් බයික් එකට  අත ඇල්ලුවා. මමත් වෙනදා පුරුදු විදිහටම මිනිහවත් ස්ටේෂන් එකට ගෙනත් දැම්මා. පහුවදත් අර වෙලාවටම බුවා පාරේ. එදත් මම මිනිහව දාගෙන ආවා. ඔය විදිහට දවසක් දෙකක් ගතවුනා.. මට දැනුනා මිනිහා මම යන එන වෙලාව බලල තමයි පාරට එන්නේ කියලා..මම යන වෙලාවටම ඔතැනින් බස් එක යනවා. මිනිහ නගින්නේ නෑ. මම එනකම් බලන් ඉන්නවා.. මමත් ඉතින් ඌවත් දාගෙන එනවා.

දවසක් පෝය දවසක අපි කට්ටිය පන්සල් ගියා. උගේ ගෙවල් තියෙන්නේ පන්සල පාරේ. මම දැක්ක උගේ ගෙදර කාර් එකක් පාර්ක් කරල තියෙනව. ඌ බයික් එකක් පිහ දදා ඉන්නවා. මට තේරුනා වැඩේ. මූ උගේ වාහන පරිස්සම් කරගෙන අනුන්ගේ පානෙන් එලිය බලනවා.


පහුවදත් මූ අතදැම්ම. බයික් එකෙ යන ගමන් මම ඇහුවා ඇයි අය්ය බයික් එකක් ගෙදර තියාගෙන  එකේ යන්නේ නැත්තේ කියලා. බුවා කියපි.. අපරාදෙනෙ මල්ලි රුපියල් 300 ක් දීල බයික් එක දාන්න ඕනෙ නැනේ. අනික පැට්‍රල් ගහන්නත් කීයක් යනවද. ඔය වගේ තැන්වල බයික් එක දාපුවාම ඒක සවුත්තුවෙනව ඉතින් මල්ලි එක්ක බයික් එකේ ගියානම් ඒකත් ඉතුරුයි නෙ කියලා... මට මූව එතනම බස්සල යන්න හිතුනා. ඒත් මම එහම කලේ නැහැ. පහුවදත් මූ මම එනකොට විරිත්තලා අත දැම්ම. මම තව ටිකක් රේස් කරල අහක බලාගෙන ගියා. ඊට පස්සේ අත දැම්මේ නැහැ. මම එනකොට අහක බලා ගන්නවා. කවුරු හරි මනුස්සයෙකුගේ වාහනයකට හරි බයික් එකකට හරි නැගලා මූ තාමත් අර විදිහටම යනවා. හවසටත් ඔය විදිහමයි. ඔය පැත්තෙන් යන ගොඩක් අය ඔය සීන් එක දැන් දන්නවා. අඳුනනම කෙනෙක් හැර වෙන කිසි කෙනෙක් ඌව දාගෙන යන්නේ නැහැ. ඒත් ඌ තාමත් අනුන්ගේ වාහනවලම තමයි ගමන.  දවසක් මම රෑ වෙලා ගෙදර එනකොට මූ පට්ට කරුවලේ පයින් ම අදිනව.  මට ඌ දාගෙන එන්න කිසිම අනුකම්පාවක් හිතුනේ නැහැ. වෙන කෙනක් නම් මම කවදාවත් මග දාල එන්නේ නැහැ.

උගේ ගෙදර ඉඳන් පුෂ් බයිසිකලේක ආවත් ඔය ගමනට විනාඩි 15 කට වඩා යන්නේ නැහැ. අනික ඌ නැති බැරි මිනිහෙකුත් නෙමෙයි. තමන්ගේ තුට්ටු දෙක රැක ගන්න ඌ කරන විගඩම දැක්කහම දෙකොනින් හිනා යනවා. අපි කෙනෙකුට ඔය වගේ උදව්වක් කරන්නේ තරාතිරම බලල නෙමෙයි. ඒක සිංහල අපේ හැටි. ඒක උගේ වාසියට හදාගෙන තියෙන හැටි ?

13 comments:

  1. අදයි මේ බ්ලොග් එක අහුඋනේ...

    ඔහොම ඈයෝනං අපමණයි... දැන්නං මමත් මලාට දවල් කාලෙක බයික් එක නවත්තන්නේ නැහැ මෙලෝ යකෙකුට... ඔය වගේම පොරක් මාත් එක්ක වැඩට යන්න සෙට් වෙන්න හැදුවා මෑතකදී.. ඒ මදිවට මං පරක්කු උනාම මූණත් සවුත්තු කරගන්නවා හරියට මට පඩි ගෙවනවා වගේ... දවසක් අතර මගදී මගේ වැඩකට විනාඩියක් නැවත්තුවාම ඌ හදිසියිළු යන්න... පහුවදා ඉදන් මං නෙවෙයි නවත්තන්නේ... පොර දැන් පයින් එනවා යස අගේට.. මං වැඩ කරන තැනින් යද්දී අහක බලාගෙන යනවා... ඔන්න අපේ උන්ට උදව් කරන්න ගියාම වෙන හරිය...

    ඒත් මහ රෑකනං නාඳුනන අය තාමත් පටවං එනවා... හැබැයි ටිකක් කල්පනාවෙන්... කාලේ ඒ හැටිම හොද මඳිනේ... ගිය සතියෙත් පොරක් අහු උනා වැලිවේරියේ ඉදන් මාළිගා තැන්නට එනකල්ම... පාන්දර එකට විතර...

    ---------
    මේකේ වර්ඩ් වෙරිෆිකේෂන් අහක් කරමු... කමෙන්ට් කරන්න අමාරුයි...

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවට තෑන්ක් යූ කිව්වා. බ්ලොගට සාදරයෙන් පිලිගන්නවා. බලාගෙන ගිහාම ගම්පහ පොරවල් නෙ ඉන්නේ හැමතැනම. බලාගෙන මහ රෑට බයික් වල එන්නේ. දන්නවනේ හේනෙගමින් පස්සේ පාරේ බලු බල්ලෙක් නැහැ.

      වර්ඩ් වෙරිෆිකෂන් අයින් කලා.. දැන් හරි ඇති මගෙ හිතේ

      Delete
  2. ඔන්න මාරයියගේ පස්සෙන් මාත් ආවා...

    ඔහොම අය කොහෙත් ඉන්නවා.. වැඩේ කියන්නේ මිනිස්සු ඒකට හිනාවෙනවා කියලා දැන දැනත් ඔය වගේම වැඩ කරන එක තමයි...

    Settings - Posts and comments - Show word verification = NO කරන්න...

    ReplyDelete
    Replies
    1. මාත් ඉතිං මාරය දාපු පාරෙන්ම තමා ආවෙ... :)

      Delete
    2. නිකමට වගේ බ්ලොගක් හදා ගත්තට මේකෙ තියෙන අටම්පහුරු දන්නේ නැහැ නගේ. බොහොම පින් උපදෙසට.

      Delete
  3. ඔය වගේ බුවාලනම් ඕනම නෑ... මේ පැත්තෙත් බස් එක යන්නෙ පැයකට හමාරකට සැරයක් හින්ද බයික් එකක යද්දි අත දාන උදවිය ඕනතරම් ඉන්නව... හැබැයි ඔය වගේ ඩයල් එකක් තාම මට සෙට් වුනේ නම් නෑ ළඟකදි...

    ReplyDelete
    Replies
    1. සෙට් කරගන්නත් එපා .. මල ඇණයක්..

      Delete
  4. ඔය වගෙ අත්දැකීම් නම් ඕන තරම්. මමත් ගම්පහ ස්ටේෂන් එකට බයික් එකේ යන්නෙ. බ්ලොග් එකෙන් රසවත් කතා ගොඩක් කියවන්න ලැබේවායි පතමි.

    ReplyDelete
  5. oya wage buwek set una mata, mama dawaska okawa dagena awidn mata wena ganaka yanna ona kiyala palu thanka bassala giya.

    ReplyDelete
    Replies
    1. මරු වැඩක් නෙ උඹ කරල තියෙන්නේ. පහුවදා ඌ හිටියෙ නැද්ද පොල්ලක් තියාගෙන?

      Delete
  6. මාරයා පාරකිව්ව නිසා මේ පැත්තට ආවා අද සිට දිගටම එන්නම්.ලියැවිල්ලත් මරු බං.

    ReplyDelete
    Replies
    1. හැකි වෙලාවට යමක් කොටලා දාන්නම් මලේ. ආවට ටැන්කු.

      Delete